Cricket NewsEXCLUSIVEIPL

“Yuziට තව එක තරඟයක් තියනවා, ඒ තරඟයේදී කඩුල්ලක් ලබාගෙන නැවතත් Purple Cap එක ලබාගන්න මම ඔහුට සුබ පතනවා” – වනිඳු හසරංග මාධ්‍ය හමුවේදී කියයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය මේ වන විට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන අතර මේ වන විට තරඟාවලියේ අවසන් වටයට ලඟා වෙමින් තිබෙනවා.

මේ අතර තරගාවලියේ 67වන තරගය ලෙස වනිඳු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore සහ Gujarat Titans කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 8ක් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර තරඟාවලියේ අවසන් වටය පිළිබඳව තවදුරටත් බලපොරොත්තු රඳවා ගැනීමට Royal Challengers Bangalore ඊයේ සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Gujarat Titans නායක Hardik Pandya ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 169ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් පන්දුවාර 18.4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 170ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

මේ අතර ඊයේ තරඟයට Royal Challengers Bangalore නියෝජනය කරමින් ක්‍රීඩා කල ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩක වනිඳු හසරංග නැවතත් මෙවර තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියාට හිමි වන Purple Cap හෙවත් දම් පැහැති හිස්වැස්ම පැළදීමට සමත් වුනා. ඒ Gujarat Titans කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර්ව දවා ගැනීමත් සමගයි.

ඒ අනුව Yuzvendra Chahal හා වනිඳු හසරංග මෙවර තරඟාවලියේ සම කඩුලු (24) සංඛ්‍යාවක් බිඳ හෙළ තිබෙන අතර ලකුණු ලබා දීමේ වේගය වනිදුගේ අඩු වීම හේතුවෙන් වනිඳු Purple Cap එකට හිමිකම් කියනු ලැබුවා.

මේ අතර එම හිස් වැස්ම ලබා දෙන අවස්ථාවේ Yuzvendra Chahal සමග තිබෙන තරඟය සම්භන්දයෙන් නිවේදකයා වනිඳුගෙන් විමසා සිටි අතර එම අවස්ථාවේ වනිඳු පිළිතුරු ලබා දුන්නේ, “Yuzvendra Chahal ට තව එක තරඟයක් තියනවා, එම තරඟයේදී කඩුල්ලක් ලබාගෙන නැවතත් මෙම කැප් එක ලබාගන්න මම ඔහුට සුබ පතනවා” යනුවෙනි.

එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button