Cricket NewsEXCLUSIVEWoman Cricket

විස්සයි-20 ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායම වාර්තා කල අවම ලකුණු සංඛ්‍යාවට සිමා කල දකුණු අප්‍රිකා කාන්තාවන් දැවැන්ත ජයක් වාර්තා කරයි.!

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ විස්සයි-20 කාන්තා ක්‍රිකට් ඉසව්ව යටතේ ඊයේ (4) පැවැති තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර17.1 කදී සියලුදෙනා දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 46 ක් පමණි.

නායිකා චමරි අතපත්තු පමණක් ලකුණු 10 සීමාව පසුකරමින් පන්දු 29 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 15 ක් ලබාගැනිමට සමත්වූවාය. සෙසු පිතිකාරිණියන් 10 දෙනාගෙන් කිසිවකුට ලකුණු 10 සීමාව පසුකිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නියන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ නඩිනි ඩි‘ක්ලාක් පන්දුවාර 4 ක් යවමින් එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 7 කට කඩුලු 3 ක් සහ මසබාටා ක්ලාස් ඕවර 3 ක් යවමින් ලකුණු 7 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ. ශබ්නිම් ඉස්මයිල්, නොන්කුලුලේකෝ ලාබා සහ ක්ලෝයි ටි්‍රයෝන් කඩුල්ල බැගින් දවාගත්හ.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 47 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකා ආරම්භක පිතිකාරියන් දෙදෙනා පන්දුවාර 6.1 කදී කිසිවකු නොදැවී ඉලක්කය පසුකර යෑමට සමත් වූනා.

ඇනකි බොස්ච් පන්දු 16 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 20 ක් සහ තස්මින් බි්‍රට්ස් පන්දු 21 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 21 ක් ලබාගනිමින් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

ශ්‍රී ලංකා කාන්තා ඉනිම – 46/10 (17.1)
(චමරි අතපත්තු 15, නඩිනි ඩි‘ක්ලාක් 07/3, මසබාටා ක්ලාස් 07/3)

දකුණු අප්‍රිකා කාන්තා ඉනිම – 49/0 (6.1)
(ඇනකි බොස්ච් නොදැවී 20, තස්මින් බි්‍රට්ස් නොදැවී 21)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7