Cricket NewsEXCLUSIVEInternational

වනිඳු හසරංග, ඩ්වේන් බ්‍රාවෝ, එවින් ලුවිස් වැනි ප්‍රභල ක්‍රීඩකයින්ගෙන් සැදුම්ත් CPL හි St.Kitts කණ්ඩායම සමඟින් අකිල ධනංජයත් එක්වෙයි.!

විස්සයි-20 තරඟ රටාවේ පතාක යෝධයින් බිහිකල කැරිබියානු දූපත් කේන්ද්‍ර කොටගනිමින් ලබන 31 වැනිදා ආරම්භ වීමට නියමිත කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක අකිල ධනංජයත් එක්වී තිබේ.

පසුගිය වර ශූරයින් වූ St.Kitts and nervis patroits කණ්ඩායම සමඟින් එසේ අකිල ධනංජය ගිවිසුම් ගත වී ඇත අතර එම කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගගේ කණ්ඩායම වීමද විශේෂත්වයකි. ඩ්වේන් බ්‍රාවෝගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායම ප්‍රභල විස්සයි විස්ස ක්‍රීඩකයින් රැසකගෙන් සැදුම්ලත් වේ.

මෙවර තරඟාවලිය සඳහා අකිල ධනංජය ඔවුන් සමඟින් ගිවිසම් ගතව ඇති බව ඔවුන් තම නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කර තිබුණි.

කලක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රධාන දඟපන්දු යවන්නාගේ කාර්‍ය සිදු කල අකිල ධනංජය විස්සයි විස්ස තරඟ 101 කදී කඩුලු 121 ක් ලබාගෙන ඇති අතර ජාත්‍යන්තර තරඟ තුලදී ඔහු කඩුලු 28 ක් බිඳ හෙලා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button