Cricket NewsEXCLUSIVE

“ශ්‍රී ලංකාව කියන්නෙ උද්යෝගිමත් කණ්ඩායමක්, ඔවුන් ආසියානු කුසලානයෙන් අපිව එළියට ඇදලා දැම්මා.. අපි බලාපොරොත්තු වෙනවා මේ තරඟාවලියේ ඔවුන්ට වඩා උඩින් ඉන්න” – ඉන්දීය නායක Hardik Pandya

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියා තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු විස්සයි-20 තරඟය අද රාත්‍රියේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අද පැවැත්වෙනතරගයේ දී, ආසියානු කුසලානයේ දී ඉන්දීය කණ්ඩායම ලද පරාජයට වගකිවයුතු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වැඩි අවධානයක් ලබා දෙන බව ඉන්දීය නායක Hardik Pandya ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පවසා සිටියා.

සාපේක්ෂව ගත් කල නිමා වූ 2022 වර්ෂය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඒ තරම් ම සුභදායී වසරක් නොවුනු අතර, මේ වසර වෙනුවෙන් ගිය වසරට වඩා වෙනස් ආරම්භයක් ලබා ගැනීමට Hardik Pandyaගේ නායකත්වයෙන් යුත් නවක ඉන්දීය සංචිතය බලාපොරොත්තු වන බවට සැකයක් නැහැ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විස්සයි-20 තරගාවලිය අද රාත්‍රියේ මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මිට පෙර නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී අවසන් වරට මුණ ගැසුණු අතර එම තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

ආසියානු කුසලානයේ දී තමන්ගෙන් තරගය ඉවතට ගෙන ගිය ක්‍රීඩකයින් පිළිබඳ වැඩි අවධානයක් ලබා දෙමින් ඔවුන් ව හිර කිරීමට උත්සාහ කරන බවත් ඉන්දීය නායකයා ප්‍රකාශ කර තිබෙනවා.

“ශ්‍රී ලංකාව කියන්නෙ උද්යෝගිමත් කණ්ඩායමක් ඔවුන් ආසියානු කුසලානයෙන් අපිව එළියට ඇදලා දැම්මා. ඔවුන් කණ්ඩායමක් ලෙස එකට ක්‍රීඩා කරනවා. ඔවු ඇත්තටම ශ්‍රී ලංකාව කියන්නෙ ඇත්තටම හොඳ කණ්ඩායමක්. අපි බලාපොරොත්තු වෙනවා මේ තරඟාවලියේඔවුන්ට වඩා උඩින් ඉන්න ආසියානු කුසලානයට වඩා.”

“අපි පරණ ගණුදෙනු විසඳගන්න බලාගෙන නෙමෙයි එන්නේ.. අපිට අවශ්‍යයි හොදින් ක්‍රීඩා කරන්න. නමුත් ඔවුන්ට ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී ක්‍රීඩා කරන බව අපි දැනෙන්න සලස්වනවා. අපේ Body Language එක එයට ප්‍රමාණවත්. ඒ වගේම ආසියානු කුසලානයේ දී තරගය අපෙන් ඉවතට අරගෙන ගිය ක්‍රීඩකයින්ව මේ පාර නතර කරන්න මම බලාපොරොත්තු වෙනවා”

මාධ්‍ය හමුව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7