Cricket GossipCricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා ක්‍රීඩකයෙක් තරඟයකට ලක්ෂ 12ක් ලැබෙද්දී, නේපාල ක්‍රීඩකයකුට ලැබෙන්නෙ රු 11,340යි.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත්වී සිටින නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකුට විස්සයි20 තරගයක් සඳහා නේපාල රුපියල් 5,000ක (ශ්‍රී ලංකා රුපියල් 11,340ක) ගෙවීමක් කරයි. නේපාල ක්‍රිකට් පාලක මණ්ඩලය සිය ක්‍රීඩකයන්ට එක් එක්දින තරගයක් සඳහා ගෙවනු ලබන්නේ නේපාල රුපියල් 10,000ක (ශ්‍රී ලංකා රුපියල් 22,680) මුදලකි.

එහෙත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එරට ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකුට විස්සයි20 තරගයක් සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 3ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 11ක්) ගෙවීමක් කරනු ලබයි. ඉන්දීය ක්‍රීඩකයකුට ටෙස්ට් තරගයක් සඳහා රුපියල් ලක්ෂ 15ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 55ක්), එක්දින තරගයක් සඳහා රුපියල් ලක්ෂ 6ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 22ක්) ගෙවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකුට විස්සයි20 තරගයක් සඳහා ක්‍රිකට් ආයතනය අමෙරිකානු ඩොලර් 4,000ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 12ක්) ගෙවනු ලබයි. එයට අමතරව විදෙස් සංචාරවලදී හෝටල් පහසුකම් ඇතුළු සියලු පහසුකම්වලට අමතරව වෙනම දෛනික දීමනාවක් ද ලබාදේ. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩකයන් දිරිගැන්වීම උදෙසා පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙවීම් වැඩි කළ අතර, දින පහේ ටෙස්ට් තරගයක් සඳහා අමෙරිකානු ඩොලර් 15,000ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 44ක්) හිමි වේ.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව මෙන් නේපාලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව කාණ්ඩ තුනකට බෙදා ඇත.

A ශ්‍රේණියේ ක්‍රීඩකයන්ට නේපාල මුදලින් වසරකට රුපියල් 720,000ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 16ක්) ලැබේ. ඉන්දියාවේ A ශ්‍රේණියේ ක්‍රීඩකයකුට වසරකට ඉන්දීය රුපියල් කෝටි 7ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 26ක්) ගෙවනු ලබයි. ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ ක්‍රීඩකයකුට වසරකට අමෙරිකානු ඩොලර් ලක්ෂයක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3ක්) හිමි වේ.

නේපාල ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී නෙදර්ලන්තය සමඟ තරග කොට කඩුලු 6ක පරාජයක් ලැබුවේය. නේපාලයට මීළඟ තරගය අනිද්දා (12) ශ්‍රී ලංකාව සමඟ මුහුණදීමට සිදුව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
7
+1
2
+1
3
+1
7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button