Cricket NewsEXCLUSIVE

සත්කාරකත්වයේ ගෞරවය රැකගත් එංගලන්තය මෙවර අළු බඳුනේ පළමු ජය වාර්තා කරයි !

2023 අලුබඳුන තරඟාවලියේ තෙවැනි තරඟය අද හෙඩිංග්ලි හිදී නිමාව දුටුවේ සත්කාරක එංගලන්තයට කඩුලු 3 ක තියුණු ජයක් උරුම කර දෙමින්.

පළමු තරඟ දෙකෙහි පරාජයෙන් පසුව එංගලන්තය සිය කණ්ඩායම් සංයුතිය වෙනස් කරමින් මෙම තරඟයට පිවිසුනේ මාක් වුඩ් හට හා ක්‍රිස් වෝක්ස් හට යලිත් ටෙස්ට් කණ්ඩායම තුල ඉඩ ලබාදෙමින්.

වෝක්ස් සිව්වැනි ඉනිමේදී ලකුණු 251 ක් හඹා ගිය එංගලන්තය ජයග්‍රාහී සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේ අත්‍යාවශ්‍යම මොහොතේ අගනා ඉනිමක් දියත් කරමින්.එමෙන්ම මාක්වුඩ් අද තරඟය නිමා කලේ පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දක්වමින් තරඟයේ වීරයා වෙමින්.එංගලන්තය වෙනුවෙන් යලි කැඳවීම් ලැබූ වෝක්ස් හා වුඩ් එසේ තමන්ගේ යලි කැඳවීමට සාධාරණයක් ඉටු කලේ එලෙසිනි.

තරඟයේ කෙටි ලකුණු පුවරුව

ඔස්ට්‍රේලියාව 263

M.Marsh 118(118)
M.Wood 5/34

එංගලන්තය 237

B.Stokes 80(108)
P.Cummins 6/91

ඔස්ට්‍රේලියාව (දෙවන ඉනිම) 224

T.Head 77(112)
S.Broad 3/45

එංගලන්තය (දෙවන ඉනිම) 254/7

H.Brook 75(93)
M.Starc 5/78

ඒ අනුව මෙවර අලුබඳුන තරඟාවලියේ තෙවන අලුබඳුන තරඟය ජයගන්නට සත්කාරක එංගලන්තය සමත් වීමත් සමඟින් අවසන් තරඟාවලි ජය සඳහා කණ්ඩායම් දෙකටම තරඟාවලිය විවෘත විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button