Cricket NewsEXCLUSIVE

ශතක පිට ශතක රැස් කරමින් පළමු පෙළ ක්‍රිකට් පිටියේ පෙරැළි කරන නිශාන් මදුශ්ක එංගලන්ත Lions කණ්ඩායමට එරෙහිව ද්විත්ව ශතකයක් රැස් කරයි.!

එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පෑවත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිශාන් මදුශ්ක විශිෂ්ට ඉවසිලිවන්ත ඉනිමක් දියත් කරමින් තවත් ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට අද (02) සමත්වූනා.

ලකුණු 331 ක් පළමු ඉනිමේ පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමට මදුශ්කගේ ද්විත්ව ශතකය හේතුවෙන් ලකුණු 559ක ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

ටොම් අබෙල්ගේ පන්දුවකට පුල් පහරක් එල්ල කරමින් ලබාගත් ලකුණු 4 ත් සමඟ මදුශ්ක සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කර ගත් අතර ඔහු මුහුණ දුන් 334 වැනි පන්දුවේදී ද්විත්ව ශතක සිමාව ඉක්මවා යන විට මදුශ්ක සිය ඉනිම සඳහා මිනිත්තු 515 ක් වැය කර තිබු අතර හතරේ පහර 24 කීන් සහ හයේ පහර 2 කින් වර්ණවත් වුණු මදුශ්කගේ මෙම විශිෂ්ට ද්විත්ව ශතකය ශ්‍රී ලංකා ‘A’ තරග ඉතිහාසයේ පිතිකරුවකු රැස් කරන ලද පස්වැනි ද්විත්ව ශතකය ලෙසින් වාර්තා පොත් අතරට එක් වුවා.

මීට පෙර මලින්ද වර්ණපුර ලකුණු 206 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 244ක්, දිමුත් කරුණාරත්න ලකුණු 212ක් සහ පැතුම් නිස්සංක ලකුණු 217ක් රැස් කරමින් මදුශ්කට පෙර ද්විත්ව ශතක ලාභීන් බවට පත්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button