Cricket NewsEXCLUSIVEInternational

චාමික කරුණාරත්න ඕස්ට්‍රේලියානු සංචාරයට එක් වීමෙ වැඩි ඉඩක් – තීරණය අද පැවැත්වෙන PCR පරීක්ෂණයෙන්

SL vs IND 2021 - 1st ODI - Chamika Karunaratne backs Sri Lanka batters to post 300-plus scores despite loss

ඕස්ට්‍රේලියානු සංචාරයට නම් කළ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කොවිඩ්-19 ආසාදිතව වීම නිසා ස්වයං නිරෝධායනයට පසුගිය දා ලක් කරනු ලැබුවා.

චාමික කරුණාරත්න මේවනවිට පුර්ණ සුවය ලබමින් ඇති බවයි වාර්තා වන්නෙ.

ඔහුට අද දිනයේදි (07) PCR පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.එම PCR පරීක්ෂණයේ ප්‍රතිඵල Negative වන්නේ නම් චාමික කරුණාරත්න අඟහරුවාදා (8) අළුයම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ Trainner ඩිල්ෂාන් ෆොන්සේකාට ද හෙට දිනයේ PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.එහි ප්‍රතිඵල negative වුවහොත් ඩිල්ෂාන් ෆොන්සේකා ට ද අඟහරුවාදා (8) අළුයම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිතයි.

මේ වන විට ශ්‍රි ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා පිටත් වී ඇති අතර පුහුණු සැසි සදහාද සහභාගී වි තිබුනා. ලසිත් මාලිංගද ඔවුන් සමග එක් වී තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7