Cricket NewsEXCLUSIVEIPL

ප්‍රභල Gujarat Titans කණ්ඩායම පරාජය කරමින් IPL 2023 අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට Chennai Super Kings සමත් වෙයි.!

ක්‍රිකට් ලෝකයේ දැවැන්තම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දියානු ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ PLAY-OFF වටයේ තරග අද ආරම්භ වූයේ ප්‍රසාද ලකුණු සටහනේ අංක 01 ස්ථානයේ සිටි Gujarat Titans කණ්ඩායම සහ අංක 02 ස්ථානයේ සිටි Chennai Super Kings කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 15ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූ Chennai Super Kings කණ්ඩායම අවසන් මහා තරගයේ සිය ස්ථානය වේලාසනින්ම වෙන්කර ගැනීමට සමත් වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Gujarat Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 172කි රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 173ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි Gujarat Titans පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට සමත් වුයේ ලකුණු 157 පමණයි.

ඒ සමග ලකුණු 15ක ජයග්‍රහණයක් සමගින් IPL 2023 තරඟාවලියේ අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
14
+1
11
+1
45
+1
3
+1
6
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button