Cricket NewsEXCLUSIVET10 League

ක්‍රිස් ගේල් සහ Paul Strling “T10 පිටිය” ගිණිකෙළි සංදර්ශනයක් බවට පත් කරයි – දැවැන්ත හයේ හතරේ වර්ශාවක් සමග ජයග්‍රහණය වාර්තා කරයි.!

ලොව වේගවත්ම ක්‍රිකට් තරඟාවලිය වන අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 5වන අදියර අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වුණා.

මෙවර තරගාවලියේ දෙවන තරගය ලෙස ඊයෙ පැවති Team Abu Dhabi කණ්ඩායම සහ Bangla Tigers කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 40ක විශිෂ්ට ජයක් ලැබීමට Team Abu Dhabi කණ්ඩායම සමත් වුනා.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් Bangla Tigers කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Team Abu Dhabi කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Abu Dhabi පිතිකරුවන් නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 145 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

වරෙක ලකුණු 27ක් තුල කඩුලු 2ක් දැවී ඉතා අසීරු අවස්ථාවක පැවති Abu Dhabi ඉණිම Paul Strling ගේ සහ ක්‍රිස් ගේල්ගෙ විශිෂ්ට පිතිහරඹය මක ගොඩනැගුනු ලකුණු 93ක වේගවත් සබඳතාවය නිසා බිඳවැටුණු Abu Dhabi ලකුණු පුවරුව ස්ථාවර වුවා.

වේගවත් පිතිකරණ එක නිරත වූ Paul Strling පන්දු 23ක් තුළ ලකුණු 59ක් රැස් කිරීමට සමත්වූ අතර ක්‍රිස්ගේල් පන්දු 23ක් තුළ වේගවත් ලකුණු 49 ක් රැස් කළා.

පන්දු යැවීමේදී ඉසුරු උදාන, James Faulkner සහ Benny අතරේ අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

අනතුරුව ලකුණු 146ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Bangla tigers කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 105ක් පමණයි.

Bangla tigers කණ්ඩායම වෙනුවෙන් Andre Flecher ලකුණු 24 ක් රැස් කිරීමට සමත් වූ අතර Hazratullah zazai ලකුණු 18ක් , Benny සහ ඉසුරු උදාන ද ලකුණු 15 බැගින් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ Marchant De Lange කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.

Liam Livingstone, Jamie Overton සහ Danny අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය Team Abu Dhabi කණ්ඩායමට හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7