Cricket NewsEXCLUSIVE

2021 වසරේ වැඩිම සාමාන්‍යක් සහිත ටෙස්ට් පිතිකරුවා වූ දිමුත් කරුණාරත්න පිළිබඳව ප්‍රවීණ විස්තර චිචාරක ඉයන් බිෂොප් අදහස් දක්වයි.!

හිටපු බටහිර ඉන්දීය ක්‍රීකට් ක්‍රීඩකයෙකු හා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රවීන විස්තර චිචාරකයෙකු වන ඉයන් බිෂොප් සිය Twitter ගිණුම ඔස්සේ සටහනක් තබමින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පිලිබඳව අදහස් දක්වා තිබුණි.

එහිදි ඉයන් බිෂොප් ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න හා දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් නායක ඩින් එල්ගාර් යන ක්‍රීඩකයින් දෙදෙනා ටෙස්ට් ආරම්භක පිතිකරුවන් ලෙස දැඩි සවිමත් මනසකින් අවසන් වසර කිහිපය තුළ ක්‍රීඩා කර ඇති බවයි.

එබැවින් දිමුත් කරුණාරත්න හා ඩින් එල්ගාර් ව ක්‍රීඩා ලෝලීන් මීට වඩා අගය කළ යුතු බව ඉයන් බිශොප් සිය ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කර තිබුණි.

එම ට්විටර් සටහනේ ඔහු සඳහන් කර තිබුනේ “අපි ඩීන් එල්ගාර් සහ දිමුත් කරුණාරත්නව තවත් අගය කරන්න පටන් ගන්න ඕන. ටෙස්ට් ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාවේදී පසුගිය වසර කිහිපය තුළ වඩාත්ම අවතක්සේරු කළ නමුත් වඩාත් සවිමත් මනසක් ඇති ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක්.” යනුවෙනි.

මෙම ක්‍රීඩකයින් දෙදෙනා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ මෑත කාලීන අවසන් වසර කිහිපය තුල විශාල ප්‍රගතියක් අත්පත් කරගන්නට සමත් වූ අතර ගෙවී ගිය වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර තෙවැන්නා වූයේද ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නය.

ඉයන් බිෂොප් සිය Twitter ගිණුම ඔස්සේ තැබූ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7