Cricket NewsEXCLUSIVE

භානුකගේ ඉවත් වීමත්, අවිශ්කට කොරෝනා වැළදීමත් සමග කුසල් මෙන්ඩිස් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ලබන 16 වැනිදා ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය ඔහුට අහිමි වී තිබෙනවා.

තරඟාවලිය සඳහා කණ්ඩායමේ ජෛව බුබුලට ඇතුලත් කිරීමට පෙරදී සිදුකල PCR පරීක්ෂණයෙන් අනතුරුව අවිශ්ක ප්‍රනාන්දු හට මෙලෙස කොවිඩ් ආසාධිතව ඇති බව සනාත වී ඇත.

අවිශ්ක ප්‍රනාන්දු නොමැති වීමත් භානුක රාජපක්ෂ ඉවත් වීමත් සමග කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට බොහෝ දුරට ඉඩ තිබෙන අතර එංගලන්තයේ ජෛව බුබුලේ නිතිය කඩ කිරීමේ චෝදනා ලැබූ ක්‍රීඩකයන් අතුරින් LPL 2021 තරඟාවලියේදී වැඩිම දස්කම් දැක්වූ ක්‍රීඩකයාද වූයේ කුසල් මෙන්ඩිස්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කිරීමෙන් අනතුරුව ඔහු මුහුණ දුන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ විශිෂ්ට ලෙස සමත් වී ඇති අතර විනාඩි 8කටත් අඩු කාලයකින් ඔහු එම පරීක්ෂණය අවසන් කර ඇත.

ඒ අනුව සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය සඳහා කුසල් මෙන්ඩිස් හට කැඳවීම් ලබනු ඇති බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7