Cricket NewsEXCLUSIVEIPL

Kagiso Rabadaගේ පන්දු හමුවේ සියළු පිතිකරුවන් අසාර්ථක වද්දී, දුෂ්මන්ත චමීර දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කරමින් තරඟය දෙපසටම විවර කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 42වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන Lucknow Super Giants කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වුවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Punjab Kings නායක Mayank Agarwal ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Lucknow Super Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Lucknow Super Giants කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 153ක් පමණයි.

Lucknow Super Giants කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් සිය වගකීම මැනවින් ඉටු කලත් මද පෙළ පිතිකරුවන් එකා පිට එකා අසාර්ථක වීමත් සමග අවම ලකුණු ගණනකට සිමා වීමට සිදු වුනා.

එහිදී Punjab Kings වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Kagiso Rabada කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වුනා. කෙසේ නමුත් Lucknow Super Giants වෙනුවෙන් පිතිකරණේ දීමට පැමිණි දුෂ්මන්ත චමීර Kagiso Rabadaට දැවැන්ත හයේ පහර දෙකකින් සංග්‍රහ කරනු ලැබුවා.

දුෂ්මන්ත චමීර පන්දු 10කට මුහුණ දී ලකුණු 17ක් රැස් කිරීමට සමත් වුනා.

දුෂ්මන්ත චමීර එල්ල කලා දැවැන්ත හයේ පහර දෙකෙහි වීඩියෝ පහතින් නරඹන්න

02

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7