Cricket NewsEXCLUSIVELPL

අවසන් වටය දක්වා සාර්ථකව පැමිණි LPL ජෛව බුබුළට අවසන් මොහොතේ කොරෝනා රිංගයි.!

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට යටත්ව පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටය දක්වා සාර්ථක ලෙස තරඟාවලිය පවත්වන්නට තරඟ සංවිධායක වරුන් හට හැකි වූ අතර නමුත් අවසන් මොහොතේ තරඟාවලිය සඳහා වන ජෛව බුබුල තුලින් කොවිඩ් 19 ආසාධිතයෙක් හඳුනා ගැනුනේ තවත් තරඟ කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී ය.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කොළඹ නවාතැන් ගෙන සිටින අවස්ථාවේ දී සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණයකින් සහය කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගෙන ඇති බවත්, මේ වන විටත් ඔහු කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ගෙන් හුදෙකලා කර තබන්නටත් කණ්ඩායමේ කාර්‍යමණ්ඩලය තීරණය කර තිබේ.

කෙසේ නමුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ට සිදු කෙරුණු PCR පරීක්ෂණවලින් ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

කෙසේ වෙතත්, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරඟ සදහා මින් කිසිදු බලපෑමක් සිදු නොවන බවට ජැෆ්නා කාර්‍ය මණ්ඩලය මාධ්‍යට සඳහන් කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7