Cricket NewsEXCLUSIVELPL

Lockdown සමයේ “නුවන් තුශාර” සමග කළ වැඩි දියුණු කිරීම් සහ LPL හි ඔහුගේ සාර්ථකත්වය ගැන ලසිත් මාලිංග තැබූ සටහන.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගමාලාවේ අවසන් තරග කිහිපයට මේ වන විට කෙමෙන් කෙමෙන් ළං වී තිබෙනවා.

මේ අතර මෙවර තරගාවලියේ පළමු Qualifier තරඟය ඊයේ Jaffna Kings සහ Galle Gladiators කණ්ඩායම් අතර පැවැති අතර එම තරගය ජය ගනිමින් අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට Galle Gladiators කණ්ඩායම සමත් වුණා.

එම තරගයේදී Galle Gladiatorsවෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නුවන් තුෂාර ලකුණු 13 කට කඩුලූ 5 ක් දවා ගනිමින් එම ජයග්‍රහණයේ නියමුවකු බවට පත්වීමට ද සමත් වුනේ සිය හොඳම පන්දු යැවඹද සනිටුවහන් කරමිනි.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු ‍යවන ක්‍රීඩක ලසිත් මාලිංග අපුරු සටහනක් තබා තිබෙනවා.

ලසිත් මාලිංග ගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු ‍යවන නුවන් තුෂාර ව ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හඳුන්වනු ලබන්නේ පොඩි මාලිංග ලෙස යි.

නුවන් තුෂාර සම්බන්ධයෙන ලසිත් මාලිංග විශේෂ සටහනක් සිය Twitter ගිණුමේ තබා තිබෙන අතර ලසිත් මාලිංග එහිදි දක්වා තිබුනේ නුවන් තුෂාර පන්දු නිසි එල්ලයකට නිසි පාලනයකින් පන්දු ‍යවමින් සිටිම ගැන තමන් සතුටු වන බවයි.

පසුගිය වසංගත සමයේ රට අගුළු දමා තිබියදි සිය ගමේදි නුවන් තුෂාර සමග Video බලමින් විශ්ලේෂණයක් සිදු කළ ආකාරය ගැනත් මෙහිදි ලසිත් මතක් කර තිබෙනවා.

එමෙන්ම එම සාකච්ඡාවේදි පන්දු ‍යැවීමේ ඉරියව්වේ කළ යුතු වෙනස්කම් ගැනත් කතා කළ බව ලසිත්ගේ එම සටහනේ වැඩිදුරටත් සඳහන් වනවා.

එම සටහනින් නුවන් තුෂාර ගේ පන්දු ‍යැවීමේ පවතින ප්‍රගතිය ගැන අතිශය සතුටට පත්වන බව මාලිංග, නුවන් T20 දිවියේ වාර්තා කළ හොදම පන්දු ‍යැවීමට සුබ පැතුම් ද පිරිනැමීමට අමතක කොට තිබුනේ නැහැ.

ලසිත් මාලිංග තැබූ එම සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7