Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කාන්තා ක්‍රිකට් සඳහා වැඩි සහයෝගයක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පවසයි.

33 හැවිරිදි අතපත්තු සෙනසුරාදා එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ඓතිහාසික ජයග්‍රහණයේ දී අර්ධ ශතකයක් ලබා ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය .

ඒ සියල්ල රඳාපවතින්නේ අපි ක්‍රීඩා කරන ආකාරය මත යැයි අතපත්තු පැවසීය. “අපි හොඳින් දස්කම් දක්වනවා නම් අනුග්‍රාහකයෝ අපිට උදව්වට එනවා ” යැයි චමරි අතපත්තු වැඩි දුරටත් පැවසුවා.

“සමහර විට අපගේ තරග රූපවාහිනියෙන් විකාශනය වෙන්නෙ නෑ, සමහර සංචාර රූපවාහිනියෙන් විකාශනය නොවන නිසා අපට තවත් නිරාවරණයක් සහ මාධ්‍ය සහයක් අවශ්‍ය යැයි මම හිතනවා.” ශ්‍රි ලංකා නායිකා පැවසීය.

අතපත්තු ශ්‍රී ලංකාවේ පළපුරුදුම ක්‍රීඩිකාව වන අතර ඇයගේ නමට විස්සයි20 තරග 118ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 95ක් ක්‍රීඩා කර ඇති අතර එසේ ක්‍රීඩා කල ශ්‍රි ලංකාවේ එකම ක්‍රීඩිකාවද වේ.

ඇය එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ Kia Super League, The Hundred ට පෙර සහ ඕස්ට්‍රේලියාවේ පැවති කාන්තා බිග් බෑෂ් ලීගයට සහභාගී වූ නමුත් ඇය මෙම වසර මුලදී ICC පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටියදිත් මෙවර WBBL සඳහා වන තෝරා ගැනීම් සදහා ඇයව තෝරාගෙන නොමැත.

“මම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා, “සමහර අය හිතන්නේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ මුදල් මත කියලා, නමුත් එහෙම නෙමෙ, අපට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්, විවිධ ක්‍රීඩකයින්, විවිධ සංස්කෘතීන්ගෙන් බොහෝ දේ ඉගෙන ගත හැකිය ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වලින්.

“අපි ක්‍රිකට් ගැන, පීඩනය හසුරුවන්නේ කෙසේද, ක්‍රීඩාවට හැඩගැසෙන්නේ කෙසේද, කොන්දේසි ගැන බොහෝ දේ ඉගෙන ගන්නවා.

“ඉදිරි වසර කිහිපය තුළ තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද පැමිණ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කර එම අවස්ථා ලබා ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා..”

ශ්‍රී ලංකාව දෙසැම්බර් මාසයේදී T10 ෆ්‍රැන්චයිස් තරඟයක් සැලසුම් කරමින් සිටින බවත්, එය ජාතියේ කාන්තා ක්‍රිකට් සඳහා “හැරවුම් ලක්ෂයක්” වනු ඇති බවත් අතපත්තු වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button