Cricket NewsEXCLUSIVEInternational

තරඟාවලියෙන් තරඟාවලියට පුහුණුකරුවන් පත් කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුණුකරු ධුරය චමින්ද වාස් ප්‍රතික්ෂේප කරයි !

27 Facts about Chaminda Vaas – The greatest Sri Lankan pace bowler

ඊයේ ශ්‍රී ලංකා ආයතනය නිල වශයෙන් නිවේදනය කර සිටියේ එලඹෙන බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලිය සඳහා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු තනතුර සඳහා පත් කර ඇති බවයි.

කෙසේ නමුත් චමින්ද වාස් මෙය ප්‍රතික්ෂේප කල බව සඳහන් . ඊට හේතුව වනුයේ තරඟාවලියෙන් තරඟාවලියට ලැබෙන පත්වීම් ඔහු ප්‍රතික්ෂේප කර තිබීමය.නිමාව දුටු තරඟාවලියන් කිහිපයකදී චමින්ද වාස් සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කරන්නට සමත් විය.

දීර්ඝ කාලීන වේග පන්දු පුහුණුකරු තනතුර සම්බන්ධයෙන්ද චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් ඔහු සමඟින් එකඟතාවකට පැමිණ නොමැති බව අසන්නට ලැබේ.

යම් හෙයකින් චමින්ද වාස්ගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපොහොසත් වුවහොත් බංග්ලාදේශ සංචාරය සඳහා තවත් වේග පන්දු පුහුණුකරුවෙකු සොයා ගැනීමට සිදුවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7