Cricket NewsEXCLUSIVE

වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සඳහා නිර්දේශ වූ දිමුත්ට, හිටපු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගෙන් විශේෂ සුභ පැතුමක්.!

සෑම වසරකම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලබන “වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා” සම්මානය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිර්දේශ කරන ලද ක්‍රීඩකයන් හතර දෙනා අතරට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද ඇතුළත් කර තිබු අතර දිමුත්ට අමතරව මේ සඳහා එංගලන්ත නායක ජෝ රූට්,නවසීලන්තයේ කයිල් ජෙම්සන්,ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් ද නම් වී තිබුනා.

මේ අතර වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නගේ නම නිර්දේශවීම ඉතාමත් සුදුසු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු මිකී ආතර් පවසනවා.

දිමුත්ට සුබපැතුම් එක්කරමින් ඔහු මේ බව පවසා සිටියේ සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින්.

මෙම වසරේ දිමුත් කරුණාරත්න ටෙස්ට් තරග 7ක දී ලකුණු 902ක් රැස් කරගෙන ඇති අතර ඒ අතරට ශතක 4ක් ද ඇතුළත් කරගැනීමට දිමුත් සමත්ව තිබෙන අතර මෙම නම් කරන ලද ක්‍රීඩකයන් සිව් දෙන අතරින් ඉහලම සාමාන්‍යක් සහිත පිතිකරුවා වන දිමුත්ගේ පිතිකරණ සාමාන්‍යය ලකුණු 63.8ක් ලෙසින් දැක්වෙනවා.

දිමුත් කරුණාරත්න මේ වසරේ ටෙස්ට් තරග 07 කදී ලකුණු 902ක් ලබා සිටින්නේ ශතක 04ක් ද සමඟින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු මිකී ආතර් මේ සම්භන්දව පළ කල විශේෂ ට්විටර් සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7