Cricket NewsEXCLUSIVEInternational

ICC ය මතභේදාත්මක උඩපන්දු සඳහා විනිසුරුවන් ලබා දෙන soft-signal නීතිය හකුලා ගනී – තවත් කොන්දේසි සංශෝධනය කරයි

2023 ජූනි 1 දින සිට ක්‍රියාත්මක වන සංශෝධිත ICC ක්‍රීඩා කොන්දේසි වලට අනුව, මතභේදාත්මක උඩපන්දු රූපවාහිනී විනිසුරු වෙත යොමු කරන අතරතුර පිටියේ විනිසුරුවන්ට තවදුරටත් “soft-signal” ලබා දීම අවශ්‍ය නොවන බව ICC ය සදහන් කරයි.

උඩ පන්දුවක් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර පිටියේ සිටින විනිසුරුවන් කිසිදු මෘදු සංඥාවක් ලබා නොදී රූපවාහිනී විනිසුරුවරයා සමඟ සාකච්ඡා කල යුතු අතර මෙම වෙනස ICC හි පිරිමි ක්‍රිකට් කමිටුව විසින් නිර්දේශ කරන ලද අතර කාන්තා ක්‍රිකට් කමිටුව විසින් අනුමත කරන ලද අතර ICC හි ප්‍රධාන විධායක කමිටුව විසින්ද අනුමත කරන ලදී.

මින් පෙර 2021 දී IPL විසින් මෘදු සංඥාව ඉවත් කරන ලද අතර නමුත් එය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ දිගටම භාවිතා විය.

සංශෝධිත ක්‍රීඩා කොන්දේසි යටතේ, ICC විසින් “ඉහළ අවදානම්” ස්ථානවල සිටින ක්‍රීඩකයින්ට හිස්වැසුම් පැළඳීම අනිවාර්ය කර ඇත. වේග පන්දු යවන්නන්ට මුහුණ දෙන පිතිකරුවන්, කඩුල්ලට නැඟී සිටින කඩුලු රකින්නන් සහ කඩුල්ල ඉදිරිපිට පිතිකරුවන්ට සමීපව සිටින පන්දු රකින්නන් මෙයට ඇතුළත් ය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button