Cricket NewsEXCLUSIVEInternational

නේපාලයේ වේග පන්දු පුහුණු උපදේශක ලෙස ධම්මික ප්‍රසාද් ව පත් කර තිබෙනවා.

නේපාලයේ වේග පන්දු පුහුණු උපදේශක ලෙස ධම්මික ප්‍රසාද් ව පත් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ වටයේ තරගාවලිය ලබන 14 වැනිදා ඕමානයේදි පැවැත්වෙනවා.

මේ සදහා නේපාලය සහභාගි වන අතර එම තරගාවලිය සදහා ධම්මික ප්‍රසාද් ව වේග පන්දු උපදේශක ලෙස පත් කර තිබෙනවා.වාර්තා වන අන්දමට මෙම තරගාවලියෙන් පසුවත් ධම්මික ප්‍රසාද් ගේ පුහුණු උපදේශක සේවය ලබා ගැනීමට නේපාලය අපේක්ෂාවෙන් පසුවනවා.

නේපාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන පුබුදු දසනායකයි.

පසුගිය වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් ධම්මික ප්‍රසාද් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 25 ක් හා එක්දින තරග 24 ක් හා එක් T20 තරගයක් ක්‍රීඩා කර තිබෙනවා.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජය නියෝජනය කළ ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නේ වයස අවුරුදු 37 දී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7