Cricket NewsEXCLUSIVEInternational

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් වූ සුරංග ලක්මාල් මිකී ආතර් ක්‍රිකට් ප්‍රධානි ලෙස කටයුතු කරන ඩර්බිෂයර් කණ්ඩායම සමග වසර දෙකකට ගිවිසුම් ගත වෙයි.

Suranga Lakmal led from the front' – Chandika Hathurusingha | Daily News

34 හැවිරිදි සුරංග ලක්මාල් එංගලන්ත ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග වසර දෙකක කාලයක් සදහා ගිවිසුම් ගත වී තිබෙනවා.

ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානි තනතුර දරන්නේ හිටපු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් වන අතර සුරංග ලක්මාල් ඉන්දීය සංචාරයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් වලට සමුදෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ පස්වරුවේ නිවේදනය කළා.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වේගපන්දු බලඇණිය වසර කිහිපයක සිට ශ්‍රී ලංකාව තුලත් ඉන් පිටතදීත් සුරංග ලක්මාල් මත රඳා පැවතුනු බව නොරසකි.ජාත්‍යන්තර තරඟ තුල අත්දැකීම් සමඟින් පරිණත වෙත්ම සුරංග ආසියාවෙන් පිටතදී විශිෂ්ඨ වේගපන්දු යවන්නෙකු බවට පත් වූයේ SENA රවටල් තුලදීය.

Mickey Arthur to leave Sri Lanka job after Test series against West Indies for stint with Derbyshire

සුරංග ලක්මාල් ශ්‍රී ලංකාවේ ටෙස්ට් කඩුලු ලාභීන් අතර සිව්වන ස්ථානයේ පසුවන අතර ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ද ලබා දී තිබෙනවා.

මීට පෙර 2021 වසරේදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න හටද එංගලන්තයේ නොටින්හැම්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයා ලෙස එක්වීමට ආරාධනාවක් ලැබුණ මුත් හේතූන් කිහිපයක් මත දිමුත් හට එම අවස්ථාව අහිමව ගියේය.

සුරංග ලක්මාල් සමග වසර 2 ක කාලයකට ගිවිසුම් ගතවීමෙන් පසු ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම නිල නිවේදනයක් ද කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7