Cricket NewsEXCLUSIVE

දකුණු අප්‍රිකාණු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 7 ක පහසු ජයක් – තරඟාවලියේ පළමු ශතකයට නිශාන් හිමිකම් කියද්දී ආරච්චිගේගෙන් තුන් ඉරියව් දස්කම්!

දකුණු අප්‍රිකාණු A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන නිල නොවන එක්දින තරඟය මේ වන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරඟයේ කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක Tony De Zorzi මුලින්ම පන්දුවට පහරදෙන්නට තීරණය කල අතර ඒ අනුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු A කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 175 ක් පමණයි.

දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුලු හතරට හිමිකම් කියන්නට ඩිල්ශාන් මදුශංක සමත් වද්දී ජනිත් ලියනගේ හා සහන් ආරච්චිගේ අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Gerald Coetzee ලකුණු 77 ක් හා Tristan Stubbs ලකුණු 59 ක් රැස් කිරීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 29 කදී කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 178 ක් ලබාගනිමින් නියමිත ඉලක්කය පසු කර ගියේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් නිශාන් මධුශ්ක තරඟාවලියේ පළමු ශතකයට හිමිකම් කියූ අතර පන්දු 85 කදී ලකුණු 107 ක් රැස් කරන්නට ඔහු සමත් විය.ඔහුගේ ඉනිම හතරේ පහර 13 කින් හා හයේ පහර 2 කින් වර්ණවත් විය.

එමෙන්ම තරඟය පුරාවට සුපිරි තුන් ඉරියව් දස්කම් දැක්වූ සහන් ආරච්චිගේ හතරේ පහර 6 ක් සමඟින් ලකුණු 50 ක් රැස් කිරීමට සමත් විය.

පන්දුයැවීමේදී Swanepoel,williams හා moreki අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඒ අනුව කඩුලු 7 කින් තරඟය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලිය සම කිරීමට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
9
+1
4
+1
7
+1
3
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7