Cricket NewsDomestic CricketEXCLUSIVE

රන්දිකගේ පිත්තේ සුපිරි දස්කම් මැද වසර 6කට පසුව යුධ හමුදාව ශූරතාවය ජයග්‍රහණය කරයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය වසර හයකට පසුව දිනා ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම ඊයේ (17) සමත් වුනා.

කෝල්ට්ස් කණ්ඩායම සමග පැවැති එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 139ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස කෝල්ට්ස් ක්‍රීඩකයන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 94ක් පමණි.

ඒ අනුව ලකුණු 45කින් එම තරගය ජයගත් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම 2022 අන්තර් සමාජ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.

යුද කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට සීක්කුගේ ප්‍රසන්න සමත් වූ අතර ඔහු පිත්තෙන් ලකුණු 29ක් සහ පන්දු යැවීමෙන් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

ඊට අමතරව යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් අශාන් රන්දික ලකුණු 24ක්ද, යශෝධ මෙන්ඩිස් ලකුණු 21ක්ද ලබාගත් අතර කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ධනංජය ලක්ෂාන් කඩුලු 3ක් ද මුදිත ලක්ෂාන් සහ චමෝද් කඩුලු දෙක බැගින් ලබා ගත්තා.

ලකුණු 140ක ඉලක්කයක් හඹා ගිය කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් සංගීත් කුරේ වැඩිම ලකුණු ලාභියා වූ අතර ඔහු ලකුණු 35 ක් ලබා ගත්තේය.

සීක්කුගේ ප්‍රසන්නට අමතරව ලක්ෂාන් එදිරිසිංහ කඩුලු 3ක් ද, යශෝධ මෙන්ඩිස්, ගයාන් බණ්ඩාර සහ අසේල ගුණරත්න එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ශතකයක් සහ අර්ධ ශතකයක් ඇතුළුව තරඟවෙලිය පුරා 264ක් ලබා ගත් අශාන් රන්දික තරඟාවලියේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7