Cricket NewsEXCLUSIVESocial Reaction

#DontRetireBhanuka නමින් භානුක රාජපක්ෂට ඉවත් නොවන්නැයි ඉල්ලීම් කරමින් ක්‍රිකට් රසිකයන් සමාජ මාධ්‍යයේ රැල්ලක් අරඹයි.!

මෙරට සුවහසක් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට අද උදෑසන අසන්නට ලැබුණේ එතරම් සුබදායි පුවතක් නම් නොවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කලකට පසුව බිහිවූ සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන භානුක රාජපක්ෂ අද දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙන බව අද උදෑසනම මාධ්‍ය විසින් වාර්තා කර සිටියේ අඳුරු සෙවනැළි පළවා හැර කෙමෙන් කෙමෙන් ගොඩනැගෙමින් තිබු ජයග්‍රාහී බලාපොරොත්තුද අවිනිශ්චිත තත්වයකට දමමිනි.

කෙසේ නමුත් භානුක රාජපක්ෂගේ මෙම ඉල්ලීම පිටුපස ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය දැඩි කරමින් කිලෝමීටර දුර ප්‍රමාණය මිනිත්තු 8 කුත් තප්පර 10ක කාලයක් තුළ සිදු කිරීමත් Skin Folds අගය 80 සිට 70 දක්වා අඩු කිරීම යන කාරණයත් සැලකිල්ලට ගෙන තිබෙන බව ක්‍රිඩා මාධ්‍ය අනාවරණය කර සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කරමින් පවසා සිටියේ භානුක රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදී ඇති බවත් ලිපිය සඳහන් කර ඇත්තේ තම පවුලේ වගකීම් හේතුවෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

කෙසේ නමුත් මෙම ඉල්ලීම පිළි ගැනීමට ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන් තවමත් සූදානම් නොමැති අතර මේ වන විට සමාජ මාධ්‍ය හරහා භානුක රාජපක්ෂ හට නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් හා එක් වන ලෙස ඉල්ලීම් කරමින් ප්‍රචාරණ මෙහෙයුමක් ද ක්‍රියාත්මක වෙමින් පවතී.

ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන් එක් වී ස්වෙජ්ජාවෙන් සිදුකරන මෙම ක්‍රියාදාමය මේ වන විට සමාජ මාධ්‍ය හරහා ඉතා වේගයෙන් පැතිර යමින් පවතින අතර #dontretirebhanuka යන හෑෂ් ටැගය මේ සඳහා භාවිතයට ගෙන තිබේ.

ඒ අනුව මෙම #dontretirebhanuka හෑෂ් ටැගය ෆේස් බුක්,ට්විටර් වැනි සමාජ මාධ්‍යන්හි Search Bar එකෙහි Search කිරීම මගින් ඔබට මේ පිළිබඳව පල කර ඇති සටහන් නැරඹීමට හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7