Cricket NewsEXCLUSIVEInternational

“ඇෆ්ගනිස්තාන කන්ඩායම ප්‍රභල කන්ඩායමක්, අපි එයාලව ඇනලයිස් කරලා තියෙන්නේ”ආසියානු කුසලාන පළමු තරගය ගැන ශ්‍රි ලංකා නායක දසුන් ශානක කිව්ව කතාව.

Shanaka blinder denies Australia a clean sweep

මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය.

ඒ අනුව සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නායක දසුන් ශානකහට හිමි වී තිබෙන අතර උපනායකත්වය චරිත් අසලංක හට හිමිව තිබෙනවා.

ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් මෙම මෙම සංචිතය සමන්විතයි. කෙසේ නමුත් අන් රටවල් සියල්ලම මේ වන විට ආසියානු කුසලාන සඳහා වන සිය සංචිත නිවේදනය කර අවසන්.

ඒ අනුව මෙවර ආසියානු කුසලාන තරග වදින ශ්‍රී ලංකා සංචිතය පහතින්,

01. Dasun Shanaka (Capt)
02. Dhanushka Gunathilak
03. Pathum Nissanka
04. Kusal Mendis (WK)
05. Charith Asalanka (VC)
06. Banuka Rajapaksha (WK)
07. Ashen Bandara
08. Dhananjaya de Silva
09. Wanidu Hasaranga
10. Mahesh Theekshana
11. Jeffery Vandersay
12. Praveen Jayawickrema
13. Dushmantha Chameera
14. Binura Fernando
15. Chamika Karunaratne
16. Dilshan Madushanka
17. Matheesha Pathirana
18. Dinesh Chandimal (WK)
19. Nuwanindu Fernando
20. Kasun Rajitha

මේ අතර ආසියානු කුසලාන තරගාවලිය ගැන ශ්‍රි ලංකා නායක දසුන් ශානක හිරු නාලිකාව සමග කියා සිටියෙ මෙවන් අදසක්,

” ඇත්තටම ටී ටුවෙන්ටි වලට ගියාම තරගයෙන් තරගය ක්‍රීඩා කරන එක තමයි වැදගත්. විශේෂයෙන්ම කියන්න ඕනි පිතිකරුවන්ට දක්ෂතා අතරට එන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. ඉතිං මං හිතන්නේ පිතිකරුවන්ට ලොකු කාර්‍ය භාරයක් තියෙනවා. ඇෆ්ගනිස්තාන කන්ඩායම ගත්තොතින් ප්‍රභල කන්ඩායමක්. මොකද අපි දන්නවා ඔවුන්ගේ වර්ල්ඩ් ක්ලාස් ටී ටුවෙන්ටි ප්ලෙයර්ස්ලා කිහිප දෙනෙක් ඉන්නවා. අපි එයාලව ඇනලයිස් කරලා තියෙන්නේ. මම හිතනවා අපේ තරුණ ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඔවුන්ට වඩා උඩට ඇවිල්ලා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා…”
– දසුන් ශානක –
( හිරු නාලිකාව සමග කල සාකච්ඡාව )

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button