Cricket NewsEXCLUSIVE

“ඔබ මේ පාරත් චාමිකට බැට් එකක් දෙන්නද හදන්නේ? ” – ඉන්දීය නායක Hardik Pandyaගේ මාධ්‍ය සාකච්ඡාවේ මාතෘකාවක් වූ චාමික කරුණාරත්න.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියා තරඟ සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු විස්සයි-20 තරඟය හෙට ආරම්භ වීමට නියමිත අතර විස්සයි-20 තරඟාවලිය තුල ඉන්දියා කණ්ඩායමට නායකත්වය සපයනු ලබන්නේ ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා විසිනුයි. ඔහු සමග IPL තරඟාවලියේ සුපිරි තරු රැසක්ම ශ්‍රී ලංකාවට එරෙහි සංචිතයට කැඳවා තිබෙනවා.

මේ අතර අද දිනයේදී ඉන්දීය නායක හර්දික් පාණ්ඩ්‍යා සහබාගි වූ මාධ්‍ය හමුව පැවති අතර එහිදී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පිළිබඳව ද කතා බහක් ඇති වුයේ මාධ්‍ය වේදියෙකු ඇසු ප්‍රශ්නයක් සමගයි.

වාර්තාකරු – ඔබ මේ පාරත් චාමිකට බැට් එකක් දෙන්නද හදන්නේ?

හර්දික් – ඔහු ඉන්දියාවට පැමිණියාද? ඔහුට ක්‍රීඩා තහනම් කලා නේද?

වාර්තාකරු – ඒක අත්හිටවූ දඬුවමක් පමණයි.

හර්දික් – ඇයි ඔහුව තහනම් කළේ?

වාර්තාකරු – ඒක විශ්වාස නැහැ.

හර්දික් – ඔයා දන්නේ නැහැ. හරි හරි… මම තවම ඔහුව දැක්කෙ නැහැ. ඉතින් මට මුලින්ම එයාව හම්බෙන්න ඕනි.

හර්දික් පාණ්ඩ්‍යා සහබාගි වූ මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button