Cricket NewsEXCLUSIVEInternational

පාකිස්තානයට එරෙහිව අද පැවැත්වෙන තීරණාත්මක තරගය සඳහා ශ්‍රි ලංකා නායකත්වය කුසල් මෙන්ඩිස්ට භාර දීමෙ සූදානමක් ?

පාකිස්තානයට එරෙහිව අද පැවැත්වෙන තීරණාත්මක තරගය සඳහා ක්‍රීඩා කරන 11 දෙනාගේ වෙනස්කම් කිහිපයක් කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වේ. තරගය වර්ෂාවෙන් සේදී ගියහොත් ශ්‍රී ලංකාව පාකිස්තානයට වඩා වැඩි NRR (ශුද්ධ ධාවන අනුපාතය) ඉදිරියෙන් සිටින නිසාවෙන් මහා තරගයට පිවිසීමට හැකි වනු ඇත.

පකිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනකු වන හරිස් රවුෆ් සහ නසීම් ෂා ආබාධවලට ලක්ව සිටින අතර, මෙම ක්‍රීඩකයන් දෙදෙනා අද ක්‍රීඩා නොකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පාකිස්තානු පිලේ කළමනාකාරීත්වය කනස්සල්ලට පත්ව සිටින්නේ ඔවුන්ගේ ප්‍රධාන පෙළේ පිතිකරුවා වන බාබර් අසාම් හොඳින් දස්කම් දැක්වීමට අපොහොසත් වීමයි.

මේ අතර දිමුත් කරුණාරත්න වෙනුවට අද තරගයට ක්‍රීඩා කිරීමට කුසල් ජනිත් පෙරේරා ආරම්භක පිතිකරු ලෙස එක්වනු ඇති බව වාර්තා වේ. මීට අමතරව අද දිනයේදී කුසල් මෙන්ඩිස් නායකත්වය දරනු ඇති අතර දසුන් ශානක විවේක ගන්වා අවසන් මහා තරගය සඳහා යළි කණ්ඩායමට එක්වීමටද සුළු හැකියාවක් පවතින බවද ඩේලි නිවුස් වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button