Cricket NewsEXCLUSIVEInternational

රාහුල්, ශුබ්මන් ගිල්, පුජාරා, කෝලි ඇතුළු ඉන්දීය මුල් පෙළ සුණු විසුණු කල මෙහෙදි හසන් බංගලාදේශය ගෞරවාන්විත තත්වයක් කරා රැගෙන එයි.!

ලිටන් දාස්ගේ විශිෂ්ට අර්ධ ශතකයට පසුව ඉන්දීය පිතිකරුවන් අන්දමන්ද කළ මෙහෙදි හසන් මිරාස්, දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සිතූ තරම් පහසු නොවන බව ඉන්දීය පිතිකරුවන්ට එත්තු ගැන්වීමට සමත්ව සිටිනවා.

තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 145 ක ඉලක්කයක් කරා යමින් සිටින ඉන්දීය පිතිකරුවෝ තරගයේ තුන්වැනි දිනය වන අද (24) සවස තරඟය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 45 ක් ලබා සිටියා.

ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍ය වන්නේ ලකුණු 100 ක් පමණක් වන නමුත් මෙහෙදි හසන් සහ සකිබ් අල් හසන් යන දඟ පන්දු යවන්නන් දෙදෙනා හමුවේ ඉන්දියානුවන්ගේ ජයග්‍රහණ ගමන පහසු එකක් නොවන බව මේ වන විටත් පෙන්වා අවසන්

දෙවැනි ඉනිමේදී සකිබ් අල් හසන් විසින් ලෝකේෂ් රාහුල් දවාගැනීමෙන් පසුව ක්‍රියාත්මක වූ මෙහෙදි හසන් විසින් ශුබ්මන් ගිල්, චෙටේස්වාර් පුජරා සහ විරාට් කෝලි දවාගනිමින්, ලකුණු පුවරුව ලකුණු 37 කට කඩුලු 4 ක් ලෙස වෙනස් කල අතර ශුබ්මන්, පුජාරා සහ කෝලි තිදෙනාටම ලබාගත හැකිවූයේ ලකුණු 14 ක් පමණි.

දිගින් දිගටම කඩුලු වැටුණ හෙයින් ඉන්දීය පිලට මුරකරු පිතිකරුවා ලෙසින් ජේදේව් උනද්කාට් කැඳවීමට පවා සිදුවිය. කෙසේ වෙතත් ඉන්දීය මුල් ඉනිමේ විරයන් වන රිෂාබ් පන්ට් සහ ශ්‍රෙයාස් අයියර්, පන්දුවට පහර දීමේ බලාපොරොත්තුවෙන්, තවමත් ක්‍රීඩාගාරයේ සිටීම ඉන්දියානුවන්ට යම් අස්වැසිල්ලකි.

කෙසේ නමුත් තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගය ලකුණු 188 කින් ජයගත් ඉන්දියාව 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.

බංග්ලාදේශය – පළමු ඉනිම 227/10

ඉන්දියාව – පළමු ඉනිම 314/10

බංග්ලාදේශය – දෙවැනි ඉනිම 231/10

ඉන්දියාව – දෙවැනි ඉනිම 45/4

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7