Cricket NewsEXCLUSIVE

“දසුන් ශානක IPL හි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් හොඳ තෝරාගැනීමක් වේවි” – ප්‍රවීන ඉන්දීය දත්ත විශ්ලේෂක මොහාන්දාස් මෙනොන්

මොහාන් දාස් මෙනොන් යනු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් රැසක ප්‍රවීන දත්ත විශ්ලේෂකයෙකි.

ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිටින ප්‍රමුඛතම දත්ත විශ්ලේෂකයෙකු වන අතර ඔහු ගෙවීගිය ඉන්දීය තරඟාවලියේදී සුපිරි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් පිලට අගනා ආදේශනයක් විය හැකි බව සඳහන් කර තිබුණි.

ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගයෙන් ඉවත් වූ ජේසන් රෝයි වෙනුවට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට සිදු කල හැකි ආදේශනයක් බවත් වේගපදු යවන්නන්ට එරෙහිව හොඳ තෝරාගැනීමක් බවද සඳහන් කරමිනි.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තැබූ ඔහු කියා සිටියේ,

“ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ජේසන් රෝයි වෙනුවට එක කර ගත හැක ශුබ්මන් ගිල් සමගින් මැතිව් වේඩ් වව්‍රිද්දිමන් සහා හා ඉනිම ආරම්භ කල හැකිය. ශානක ගුජරාට් පිල වෙනුවෙන් වේගපන්දු යවන්නට එරෙහිව හොඳ තෝරාගැනීමක් වේවි” යනුවෙනි.

එම ට්විටර් සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7