Cricket NewsEXCLUSIVET10 League

Trinidad T10 පිටිය ගිණිකෙලි සැණකෙළියක් කරමින් කොදෙව් ක්‍රීඩක නිකොලොස් පූරන්ගේ පිත්තෙන් පන්දු 37කදී අධිවේගී ශතකයක්.!

Trinidad හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේ පැවති Trinidad T10 තරගයේදී Leatherback Giants කණ්ඩායම වෙනුවෙන් වේගවත් ශතකයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින ක්‍රීඩක Nicholas Pooran සමත් වුනා.

වාර්ථා ගත ශතකයක් ලබා ගත් Pooran පන්දුවාර 10 තරඟ ඉතිහාසයේ එම කඩයිම පසු කරගිය පළමු වැන්නා බවට ද පත් වුනා.

Scarlet Ibis Scorchers කණ්ඩායමට එරෙහිව පන්දුවාර 10කදී ජයග්‍රහණය සඳහා ලකුණු 129ක් හඹාගිය Pooranගේ ඉනිම හේතුවෙන් Leatherback Giants පිල තවත් පන්දු 9ක් ඉතිරිව තිබියදී පහසු ජයග්‍රහණයක් කරා ගමන් කිරීමට සමත් විය.

Leatherback Giants නායක Nicholas Pooranගේ ශතකය දැවැන්ත හයේ පහර 10කින් සහ හතරේ පහර 6කින් සමන්විත වූ අතර 272.97ක ප්‍රහාරක වේගයක්ද සමඟින් ඉනිම ක්‍රියාත්මක විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් Scorchers කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 128ක් රැස් කලේය.

Scorchers පිලේ ආරම්භක පිතිකරු ටිනෝ වෙබ්ස්ටර් පන්දු 26කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් සමඟින් ලකුණු 54ක් රැස් කළේය.

Ewart Nicholson පන්දු 16කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 42ක් රැස්කරමින් මීළඟ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

Nicholas Pooranගේ ප්‍රයත්නය හේතුවෙන් තරඟ තුනකින් පසු තරඟාවලියේ පළමු ජයග්‍රහණය ලබාගන්නට Leatherback Giants කණ්ඩායම සමත් විය.

ඔවුන් මේ වන විට තරග 3 කදී ප්‍රසාද ලකුණු 2 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button