Cricket NewsEXCLUSIVE

ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුවීම් ඇරඹීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සියල්ල සුදානම් – සංචිතය නම් කිරීම අද පස්වරුවේදී..

මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය.

UAE, Kuwait, Singapore සහ Hong Kong යන රටවලි මෙහි සුදුසුකම් ලැබීමේ තරඟ වටය ක්‍රීඩා කරන අතර ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය ඍජුවම සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය සදහා වන ශ්‍රි ලංකා සංචිතයට ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ වන විට තෝරාගෙන ඇති බවත්, ඒ සදහා අතිරේක ක්‍රීඩකයන් තිදෙනෙකු ඇතුලත්ව වන බවත්, නවකයින් කිසිවකුත් මෙම සංචිතයට ඇතලත් නොවන බවත් අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන බව Daily Mirror පිටුව වාර්තා කර තිබෙනවා.

එසේම මෙම සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව වැඩි දුරටත් එහි වාර්තා කර ඇත.

එමෙන්ම ආසියානු කුසලානය සදහා තොරා ගත් ශ්‍රී ලංකා සංචිතය අද (19) වෙනිදා සිට පුහුණු කාර්ය මණ්ඩලය, ප්‍රධාන පුහුණුකරු හා භෞත චිකිත්සකවරයාගේ පුර්ණ අධික්ෂණය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ආසියානු කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද දිනයේ දී නම් කිරීමට බොහෝ සෙයින් ඉඩ කඩ ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7