Cricket NewsEXCLUSIVET10 League

වනිඳු හසරංගගේ සුපිරි තුන් ඉරියව් දස්කම් හේතුවෙන් Chennai Braves පරාජය කරමින් Deccan කණ්ඩායම ජය ගනී – තරඟයේ වීරයාත් වනිඳු.!

ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ලෙසින් හැඳින්වෙන Abu Dhabi T10 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

තරගාවලිය 18වන තරගය ලෙසින් අද Deccan Gladiators කණ්ඩායම සහ The Chennai Braves කණ්ඩායම් අතර පැවති තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීම Deccan Gladiators කණ්ඩායම සමත් වූයේ දසුන් ශානක නායකත්වය දරන The Chennai Braves කණ්ඩායමට මෙවර තරගාවලියේ හයවන පරාජයත් උරුම කර දෙමිනි.

තරඟයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ Deccan gladiators කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Chennai braves කණ්ඩායමට ආරාධනා කර සිටියා ඒ අනුව පිටියට පිවිසි Chennai braves කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 57 ක් පමණයි.

Chennai braves ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ භානුක රාජපක්ෂ යි. ඔහු පන්දු 10ක් තුළ වේගවත් ලකුණු 18 ක් රැස් කිරීමට සමත් වූ අතර භානුක, Rumman යැවූ පන්දුවක් හමුවේ වනිදු හසරංග අතට උඩපන්දුවක් ලබාදී දැවි ගියා.

අනතුරුව සිටියේ එක් වූ කිසිදු Chennai braves පිතිකරුවෙකුට පිටියෙහි ස්ථාවර වීමට Deccan Gladiators පන්දුයවන්නන් ඉඩ ලබා දුන්නේ නෑ.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ අතර Rumman සහ Andre russell අතර කඩුලු 2 බැගින් බෙදී ගියා

අනතුරුව ලකුණු 58 ක පහසු ජයග්‍රහි ඉලක්කයක් හඹා යාමේ අරමුණෙන් පිටියට පිවිසි Gladiators පිතිකරුවන් කඩුලූ 5 ක් පමණක් දැවී පන්දුවාර 6ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

Deccan gladiators වෙනුවෙන් Dawid Wise පන්දු 9ක් තුළ වේගවත් ලකුණු 20 ක් රැස් කළ අතර Tom benten ලකුණු 19 රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Mark සහ Angelo perera කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා.

තරගයේ වීරයා සම්මානය වනිඳු හසරංග හට හිමි වුණා.

තරගයෙන් අනතුරුව මෙවර Abu Dhabi T10 හි ප්‍රසාද ලකුනු සටහන දැක්වූයේ පහත පරිදිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7