Cricket NewsEXCLUSIVET10 League

ඉසුරු උදාන විශිෂ්ට ලෙස ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරය, ලොව වේගවත්ම තරඟාවලියේදී Bangla Tigers කණ්ඩායමට ජය ගෙනෙයි.!

ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ලෙසින් හැඳින්වෙන Abu Dhabi T10 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

තරගාවලිය 17වන තරගය ලෙසින් අද Bangla Tigers කණ්ඩායම සහ Team Abhu dabi කණ්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 10ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Bangla tigers කණ්ඩායම සමත් වූයේ Abu Dhabi කණ්ඩායමට මෙවර තරගාවලියේ පළමු පරාජය උරුම කර දෙමිනි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉසුරු උදාන අවසන් පන්දුවාරය ලකුණු 8ට සීමා කිරීම හේතුවෙන් මෙම අමිහිරි සහගත පරාජයේ වේදනාව විදගැනීමට Abu Dhabi ක්‍රීඩකයන්ට සිදුවුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Team Abu Dhabi කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Bangla tigers කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Bangla Tigers ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 130 ක් රැස් කිරීමට සමත් වුණා.

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ Hazrathullah පන්දු 20ක් තුළින් වේගවත් ලකුණු 41 ක් රැස්කිරීමට සමත්වූ අතර Will Jacks පන්දු 17ක් තුළ වේගවත් ලකුණු 43 ක් රැස් කිරීමට සමත් වුණා.

නායක Faf du plessis පන්දු 8කින් වේගවත් ලකුණු 22ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී Ahmed, Marchant, Livingstone, Danny Briggs සහ Naveen අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව 131 ජයග්‍රහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි අබුඩාබි ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 120ක් පමණයි.

තරගයේ අවසාන පන්දු වාරය යැවීම සඳහා පන්දුව භාර වූයේ ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන හටයි.

උදාන හට පන්දුවාරය තුළ ලකුණු 19ක් ආරක්ෂා කරගැනීමේ වගකීමක් පැවරුණු අතර එම වගකීම අකුරටම ඉටු කළ ඉසුර එම පන්දුවාරය තුළ ලබා දුන්නේ ලකුණු 8ක් පමණයි.

ඒ අනුව ලකුණු 10ක තියුණු ජයග්‍රහණයක් Bangla tigers කණ්ඩායමට හිමි වුණා.

පන්දු යැවීමේදී Benny සහ Jamewකඩුලු 2 බැගින් බිඳ හෙලූ අතර ඉසුරු උදාන, Luke සහ මොහොමඩ් අමීර් එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

මේ වනවිට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7