Cricket NewsEXCLUSIVEWoman Cricket

ලෝක කුසලාන කිරුළ හඹා යන සටනේ සිටින සිංහ ධේනුවන් හට කොරෝනා බලපෑමක් – ක්‍රීඩිකාවන් 6 දෙනෙකුටම Covid-19 වැළඳෙයි.!

එළඹෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් සිම්බාවේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟයට අද ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායම සහබාගි වීමට නියමිතය.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.00 ට ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නොසිතු අකරතැබ්බයකටද මුහුණ දී තිබෙනවා.ඒ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ Covid-19 ආසාදිත කාන්තා ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 6 දක්වා ඉහළ යාම හේතුවෙනි.

ඒ අනුව අද තරගයට ක්‍රීඩා කිරීමට සිටින්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් 11 දෙනෙකු පමණයි. අතිරේක ක්‍රීඩිකාවන් නොමැත.

පසුගියදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පුහුණු කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණ දෙකකට මුහුණ දුන් අතර ඊයේ සිදුකළ PCR පරීක්ෂණ ප්‍රතිඵල ද නිකුත් කර ඇති අතර එහි සියලු PCR ප්‍රතිඵල Negative බව වාර්තා ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

මෙම තත්ත්වය හේතුවෙන් තවත් ක්‍රිකට් ක්‍රීඩිකාවන් තිදෙනෙකු සිම්බාබ්වේ වෙත පිටත් කරයැවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙන අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ක්‍රීඩිකාවන් තිදෙනා වන්නේ සත්‍යා සංදීපනී, මධුෂිකා මෙත්තානන්ද සහ කාව්‍යා කාවින්දි යන ක්‍රීඩිකාවන් තිදෙනායි.

ඒ අනුව සත්‍යා සංදීපනී, මධුෂිකා මෙත්තානන්ද සහ කාව්‍යා කාවින්දි යන ක්‍රීඩිකාවන් තිදෙනා ඊයේ රාත්‍රියේ සිම්බාබ්වේ වෙත පැමිණ තිබෙන බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7