Cricket NewsEXCLUSIVELPL

LPL 2021 ආරම්භ වීමට සතියකටත් අඩු කාලයක් තිබියදී ක්‍රිස් ගේල් සුපුරුදු පරිදි මෙවරත් ශ්‍රී ලංකාවට පොල්ල තියයි.!

ශ්‍රී ලාංකීය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 2021 වසරේ පැවැත්වෙන තරඟමාලාවේ දෙවනි අදියර සඳහා තවත් ඇත්තේ සතියකටත් අඩු කාලයකි.

ඒ අනුව මේ වන විට සිය අවසන් කණ්ඩායම් තෝරාගැනීම ලංකා ප්‍රිමියර් ලීගයේ ක්‍රිඩා කරන කණ්ඩායම් විසින් සිදුකරන බව පෙනී යන්නේ මේ වනවිට පැවැත්වෙන ලොව වේගවත්ම ක්‍රිකට් තරගාවලිය වන T10 තරගාවලියේ දස්කම් අතරට පැමිණි ක්‍රීඩකයින් රැසක්ම මෙවර LPL කණ්ඩායම් හා එක් වීම හේතුවෙනි.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී Colombo Stars කණ්ඩායම විසින් මිලදී ගත් විදේශිය ක්‍රිඩක කාණ්ඩයේ පෙරමුණ ගත් කොදෙව් දේශයෙන් බිහිවූ විස්සයි-20 ක්‍රිකට් පිටියේ බිහිසුණුම පිතිකරුවා ලෙසින් හැඳින්වෙන ක්‍රිස් ගේල් මෙවරත් ලංකා ප්‍රිමියර් ලීගය ආරම්භ වීමට සතියකටත් අඩු කාලයක් තිබියදී මෙවරත් පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

මීට පෙරත් අවස්ථා දෙකකදීම ක්‍රිස් ගේල් මෙලෙස සිදු කර ඇති අතර ඒ පිළිවෙලින් SLPL තරඟාවලියේදි සහ පසුගිය වසරේ පැවති LPL 2020 පළමු තරඟ මාලාවේදිය.

මේ පිළිබඳව විශේෂ සටහනක් එක් කරමින් CricTracker වෙබ් අඩවිය මෙවර LPL 2021 ක්‍රිකට් තරගාවලියේ දී Colombo Stars කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩක ලයිස්තුව නිවේදනය කර තිබුණා.

එම ක්‍රීඩක ලැයිස්තුවේ ක්‍රිස් ගේල් ගේ නම ඇතුළත් වී නොමැති අතර CricTracker වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් එකේ දී Colombo Stars කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩක ලැයිස්තුව පහතින්

Dhananjaya de Silva, Akila Dananjaya, Jehan Daniel, Pathum Nissanka, Lakshan Sandakan, Seekkuge Prasanna, Dushmantha Chameera, Nuwanidu Fernando, Ravi Rampaul, Ashan Priyanjan, Himesh Ratnayake, Thikshila de Silva, Shiran Fernando, Tom Banton, Angelo Mathews, Sherfane Rutherford, Kusal Perera, Naveen ul Haq, Haris Sohail, Dinesh Chandilmal

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button