Cricket NewsEXCLUSIVEInternational

අද නම් ලැජ්ජාසහගතයි, ඔවුන් දවසට එළුමස් කිලෝ අටක් විතර කනවා වගෙයි පේන්න තියෙන්නෙ – පරාජයෙන් පසු Wasim Akram පාකිස්ථාන කණ්ඩායමට දෙහි කපයි.

ඊයේ පාකිස්තානය ඇෆ්ගනිස්තානය හමුවේ ලැබූ පරාජයෙන් පසුව හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Wasim Akram පාකිස්තාන ක්රීඩකයින්ට දැඩි දෝශාරෝපණයක් එල්ල කර තිබෙනවා.

අද නම් ලැජ්ජාසහගතයි. කඩුලු දෙකක් විතරක් දැවී ගිහින් ලකුණු 280ක් ලබා ගැනීම හරි අසාමාන්‍යයි. තණතීරුව තෙත වුනා හෝ නැතා, පන්දු රැකීම දෙස බලන්න. ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා මට්ටම බලන්න…

අපි පසුගිය සති තුන තිස්සේම කෑ ගැහුවා මේ ක්‍රීඩකයින් පහුගිය අවුරුදු දෙක පුරාවටම යෝග්‍යතා පරීක්ෂණවලට සහභාගී වෙලා නැති බව කියමින්.

මම ඔවුන්ගේ පෞද්ගලික නම් කියන්න ගත්තොත් ඔවුන්ගේ මුහුණු බිමට නැවේවී.
ඔවුන් දවසට එළුමස් කිලෝ අටක් විතර කනවා වගෙයි පේන්න තියෙන්නෙ.
පරීක්ෂණ කළ යුතු නැද්ද?”

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩා කරයි නම් මීට වඩා වගකීමකින් ක්‍රීඩා කළ යුතු බවයි Akram පවසන්නේ. ඒ වෙනුවෙන් මීට පෙර පාකිස්තාන පුහුණුකරු දූරය දැරූ Misbah-ul-Haq විසින් ඒ වෙනුවෙන් සැලසුම් සකස් කළත් ක්‍රීඩකයින් එයට කැමති නොවූ බවත් Akram පවසනවා.

මේ අතර ඊයේ තරගයේ දී පාකිස්තානයේ දුර්වල පන්දු රැකීම් දෙස බලා සිටිය නොහැකි තැන පාකිස්තාන ක්‍රිකට් අධ්‍යක්ෂක දූරය දරන Mickey Arthur ක්‍රීඩාගාරය තුළට හැරී යන වීඩියෝවක් ද මේ වන විට Twitter ඔස්සේ Viral වෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
2
+1
14
+1
6
+1
0
+1
12

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button