Cricket NewsEXCLUSIVEIPL

Delhi Capitals ප්‍රහාරාත්මක පිතිකරණ බලඇණිය ලකුණු 140කට සීමා කරමින් Chennai Super Kings ලකුණු 27ක ජයක් වාර්තා කරයි – PLAY-OFF ස්ථානයත් සුරක්ෂිතයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 55වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම් අතර පැවති අතිශය තීරණාත්මක තරඟයෙන් ලකුණු 27ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 167ක් රැස් කිරීමට සමත් වුණා.

Chennai Super Kings වෙනුවෙන් Shivam Dube පන්දු 12කදී ලකුණු 25ක් වාර්තා කිරීමට සමත් වුනා. Ruturaj Gaikwad ලකුණු 24ක් රැස් කළ අතර Ambati Rayudu ලකුණු 23ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Mitchell Marsh කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 168ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 140ක් පමණයි

Delhi Capitals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rilee Rossouw පන්දු 37ක් තුල ලකුණු 35ක් රැස් කල අතර Manish Pandey ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේදී මතිෂ පතිරණ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

ප්‍රසාද ලකුණු සටහන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7