Cricket NewsEXCLUSIVEInternational

නේපාලයේ තරග සංචාරයකට ගිය කොදෙව්වන්ගෙ ගමන් මලු ගෙනියන්න කුඩා ලොරියක් එයි – වීඩියො සහිතයි.

නේපාලයේ තරග සංචාරයකට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් නේපාලයට ගොඩබෑමෙන් පසු ට්‍රක් රථයකට තම ගමන් මලු පටවාගෙන යන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවති.

බටහිර ඉන්දීය කොදෙව් A ක්‍රීඩකයින් තරඟ පහකින් සමන්විත T20I තරඟාවලිය සඳහා නේපාලයට ගොඩ බැස්සේ අප්‍රේල් 27 වනදායි. කෙසේ වෙතත්, කැරිබියන් දූපත් වල ක්‍රීඩකයින් කත්මන්ඩු ගුවන් තොටුපළට පැමිණීමට කිසිදු සංවිධානයක් නොතිබූ බැවින් නේපාලයට ගිය පසු ඔවුන්ට කටුක අත්දැකීමකට මුහුණ පෑමට සිදු උනී.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් සාමාන්‍ය සංචාරකයින් ලෙස සලකා ඔවුන්ට ගුවන් තොටුපළේ සිට හෝටලයට ප්‍රවාහනය කිරීමට නේපාල ක්‍රිකට් පාලක මණ්ඩලය නිසි වැඩපිළිවෙළක් සම්පාදනය කර නොතිබිණි. කොදෙව් ක්‍රීඩකයින් ඔවුන්ගේ ගමන් මලු ඔවුන් වෙනුවෙන් සකස් කරන ලද පිකප් ට්‍රක් රථයකට පටවාගෙන යන අයුරු සමාජ මාධ්‍යවල පැතිර ගිය වීඩියෝවකින් මෙය මනාව පැහැදිලි විය.

මීට අමතරව, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ට ලබා දී ඇති බස් රථය වූයේ AC පහසුකම් නොමැති සාමාන්‍ය සංචාරක බස් රථයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button