Cricket NewsEXCLUSIVEIPLMatch Review

භානුක රාජපක්ෂගේ නැවත පැමිණීමත් සමග Punjab Kings ජයග්‍රාහී රැල්ල නැවතත් ඇරඹෙයි – CSKට එරෙහිව ලකුණු 11ක තියුණු ජයක් වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 38වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ මහිෂ් තීක්ෂණ සහ මතිෂ පතිරණ ක්‍රීඩා කරන Chennai Super Kings කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 11ක තියුණු ජයක් හිමිකර ගැනීමට Punjab Kings කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Punjab Kings පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 187ක් රැස් කිරීමට සමත් වුනා. එහිදී විශිෂ්ට ඉනිමක් දියත් කල Shikhar Dhawan පන්දු 59ක් තුල නොදැවී ලකුණු 88ක් රැස් කිරීමට සමත් වුනා.

තරඟ 4ක් ම අවස්ථාව නොලැබී අද තරඟය සඳහා අවස්ථව ලැබුණු භානුක රාජපක්ෂ ඊට නොදෙවෙනි ඉනිමක් දියත් කල අතර ඔහු පන්දු 32ක් තුල ලකුණු 42ක් රැස් කිරීමට සමත් වුයේ දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් එල්ල කරමිනි.

ප්‍රහාරාත්මක පිතිකරණයක් දියත් කල Liam Livingstone පන්දු 7ක් තුල ලකුණු 19ක් රැස් කළා.

පන්දු යැවීමේදී Dwayne Bravo කඩුලු දෙකක් බිඳ හෙලු අතර මහිෂ් කඩුල්ලක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 188ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Chennai Super Kings පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 176ක් පමණයි

Chennai Super Kings ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Ambati Rayudu පන්දු 39ක් තුල වෙගවත් ලකුණු 78ක් රැස් කල අතර Ruturaj Gaikwad ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේදී Rishi Dhawan සහ Kagiso Rabada කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button