Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිටියේ නොමැකෙන වාර්තා රැසක් තැබූ දිල්රුවන් පෙරේරා ක්‍රිකට් දිවියට සමු දෙයි.!

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා සියලු ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) වෙත ලිපියක් යවමින් දිල්රුවන් පෙරේරා කියා සිටියේ තමාගේ ජාත්‍යන්තර ක්‍රිකට් ගමනෙන් සමුගැනීමට දැන් කාලය එළඹ ඇති බව තමා විශ්වාස කරන බවයි.

කෙසේ නමුත් ඔහු තව ටික කලක් දේශීය ක්‍රිකට් තරඟාවලි තුල ක්‍රීඩා කරන බවද ඔහු එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

“ශ්‍රී ලංකා ක්‍රිකට් මගේ කාලය පුරාවටම විශාල ආශ්වාදයක් සහ සහයෝගයක් ලබා දුන් අතර මම ඔබට, විධායක කමිටුවට සහ මගේ හිටපු සහ වර්තමාන පුහුණුකරුවන්ට ස්තූතිවන්ත වෙනවා,” යනුවෙන්දිල්රුවන් පෙරේරා එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

39 හැවිරිදි වියේ පසු වන දිල්රුවන් පෙරේරා අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළේ 2021 ජනවාරි මාසයේදී එංගලන්තයට එරෙහිව ගාල්ලේදීය.

2017 දෙසැම්බර් මාසයේදී ඩිල්රුවන් ටෙස්ට් කඩුලු 100ක් හෝ ඊට වැඩි ගණනක් දවාගත් වේගවත්ම ශ්‍රී ලාංකිකයා සහ එම දස්කම දැක්වීමට සමත් වූ ලොව 7වැනි ක්‍රීඩකය බවටද පත් වුනා.

ඔහු සිය 25 වැනි තරගයේදී එම දස්කම වාර්තා කිරීමට සමත් වූවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔහුගේ දත්ත ලැයිස්තුව මෙසේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7