Cricket NewsEXCLUSIVEInternational

පන්දු 25 කදී වාර්ථා වූ කුසල් මෙන්ඩිස්ගේ අර්ධ ශතකයත් සමඟින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගෞරවාන්විත මට්ටමකට !

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරඟයන්හි තෙවැනි පුහුණු තරඟය අද ඔස්ට්‍රේලියාවේ MCG හිදී පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරඟ වදී.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායකයාගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේගවත් ආරම්භයක් එක් කරන්නට නිස්සංකට හා කුසල් මෙන්ඩිස් හට හැකිවිය.ආරම්භක සබඳතාවය ලකුණු 57 ක් වද්දී ලකුණු 21 ක් ලබා සිටි නිස්සංක දවාගන්නට බ්‍රැඩ් එවන්ස් සමත් විය.එක් අන්තයක සාර්ථක අන්දමින් පන්දුවට පහර දුන් කුසල් මෙන්ඩිස් පන්දු 25 කදී තම අර්ධ ශතකය රැස් කල අතර රයන් බර්ල් ගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් ලකුණු 54 ක් ලබා සිටියදී දැවී ගියේය.

picture from sports pavilion

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button