Cricket NewsEXCLUSIVEInternational

ප්‍රභල එංගලන්තය මෙල්ල කළ නවසිලන්ත ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට එරෙහි තීරණාත්මක ටෙස්ට් තරඟාවලියට සුදානම්.!

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා 13 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට නවසිලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා. මෙම ක්‍රීඩකයන් 13 දෙනාම පසුගියදා එංගලන්තයට එරෙහිව පැවැති තරගාවලිය 1-1ක් ලෙස සමකළ සංචිතයේ රැඳී සිටි ක්‍රීඩකයෝ වෙති.

එංගලන්තයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී අගනා ශතකයක් ලබාගනිමින් තරගාවලිය 1-1 කින් සම කිරීමට මාවත සකසා දුන් හිටපු නායක කේන් විලියම්සන්, මේ වන විට නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් (7787) ලබාගත් පිතිකරුවාගේ වාර්තාව හිමිකර ගෙන සිටී. ඔහු ටෙස්ට් ශතක 26 ක සහ අර්ධ ශතක 33 ක හිමිකරුවෙකි.

ටිම් සවුතිගේ නායකත්වය යටතේ තරග කරන මෙම කණ්ඩායමෙන් දකුණතින් පා දඟ පන්දු යවන ඉෂ් සෝධි සහ ජේකබ ඩෆී ඉවත් කර තිබේ. නවසීලන්ත පිලේ හිටපු දඟ පන්දු යවන්නකු වූ ජෝන් බ්‍රේස්වෙල්ගේ ඥාති පුත්‍රයකු වන බ්‍රෙන්ඩන් බ්‍රේස්වෙල් ද සංචිතයට ඇතුළත්ව සිටී.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය මේ මස 9 වැනිදා ක්‍රයිස්ට්චර්ච් නුවරදී ආරම්භ වීමට නියමිතය.

නවසීලන්ත ටෙස්ට් සංචිතය

ටිම් සවුතී (නායක), ටොම් බ්ලන්ඩල් (කඩුලු රකින්නා), කේන් විලියම්සන්, විල් යංග්, මයිකල් බ්‍රේස්වෙල්, ඩෙවොන් කොන්වේ, මැතිව් හෙන්රි, ස්කොට් කුග්ලෙජින්, ටොම් ලෙතම්, ඩැරිල් මිචෙල්, හෙන්රි නිකොල්ස්, බ්ලෙයාර් ටික්නර් සහ නීල් වැග්නර්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7