Cricket NewsDomestic CricketEXCLUSIVE

දික්වැල්ලගේ වේගවත් ශතකය එන්.සී.සී. ජයග්‍රහණය කරා රැගෙන යයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයට එරෙහිව පෙරේදා (3 වැනිදා) පැවැති තරගයකදී වේගවත් ශතකයක් ලබාගැනීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන නිරෝෂන් දික්වැල්ල සමත් විය.

එහිදී පන්දු 76 කට මුහුණදුන් දික්වැල්ල දැවැන්ත හයේ පහර 7 ක් සහ හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 115 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. ජයග්‍රහණය සඳහා ලකුණු 205 ක ඉලක්කයක් හඹාගිය එන්.සී.සී. කණ්ඩායමට දික්වැල්ලගේ වේගවත් පිතිහරඹය හමුවේ ඕවර 25.3 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට හැකි විය.

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button