Cricket NewsEXCLUSIVE

සත්කාරක බංග්ලාදේශයේ සුපිරි දස්කම් හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 6 ක අවමන් සහගත පරාජයක් !

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අද ඇරඹුණු එක්දින තරඟාවලිය ජයකින් අරඹන්නට සත්කාරක බංග්ලාදේශය අද සමත් විය.

ඒ පළමු එක්දින තරඟයේදී ශ්‍රී ලංකා පිල කඩුලු 6 කින් පරාජය කරමින්.

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියල්ලන් දැවී ලකුණු 255 ක් රැස් කලේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජනිත් ලියනගේ ලකුණු 67 ක් රැස් කලේය.

ජයග්‍රහණය සඳහා ලකුනු 256 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකරගියේය.

විශිෂ්ඨ ඉනිමක් දියත් කල නායක ශාන්ටෝ ලකුණු 122 ක් නොදැවී රැස් කිරීමට සමත් විය.
මුශ්ෆිකර් රහීම් ලකුණු 73 යි.

ඒ අනුව දෙරට අතර පැවැති පළමු එක්දින තරඟයේ ජයත් සමඟින් පෙරමුණේ පසුවන්නේ බංග්ලදේශයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7