Cricket NewsEXCLUSIVET10 League

ලොව වේගවත්ම ක්‍රිකට් ආකෘතිය වන T10 ඉතිහාසයේ ඉනිමක විශිෂ්ටතම පන්දු යැවීමේ වාර්තාව වනිඳු හසරංග තමන් සතු කරගනී.!

ඊයේ දිනයේ දී Bangla tigers කණ්ඩායම් සහ Deccan gladiators කණ්ඩායමක් අතර පැවැති තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Deccan Gladiators නියෝජනය කරන ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ලොව වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් හැඳින්වෙන “T10” ක්‍රිකට් ඉතිහාසය තුළ ක්‍රීඩකයෙකු විසින් යවන ලද හොඳම පන්දු යැවීම සනිටුහන් කිරීමට සමත් වුණා.

ඊයේ තරගයේ දී වනිදු හසරංග සිය පන්දුවාර 2 තුළ ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට ලකුණු අටක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර ඔහු විසින් යවන ලද දෙවන පන්දුවාරයෙන් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට එකදු ලකුණක් හෝ ලබාගැනීමට හැකියාව ලැබුණේ නැහැ.

එමෙන්ම වනිදු හසරංග විසින් ඊයේ දිනයේ ලබාගන්නා ලද කඩුලු 5 ඉතිහාසෙට එක් වූයේ T10 ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 5ක් ලබා ගත් තෙවන ක්‍රීඩකයා ලෙසටයි.

එමෙන්ම ඊයේ තරඟයේ දී වනිදු ලබා ගත් කඩුලු 5 සමග T10 ඉතිහාසය තුළ එක් තරග වාරයක ක්‍රීඩකයෙකු විසින් ලබාගන්නා ලද ඉහළම කඩුලු සංඛ්‍යාව වන කඩුලු 18ද සම කිරීමට වනිදු හසරංග ට හැකියාව ලැබුණු අතර ඔහු මෙම දස්කම දැක්වූයේ තරඟ 10කට පමණක් සහභාගි වෙමිනි.

එනම් තවත් තරග කීපයක්ම වනිදු හට මෙවර තරඟාවලියේ ඉතිරිව ඇති අතර එම තරඟ වලදී තව එක් කඩුල්ලක් හෝ වනිදු හසරංග විසින් දවා ගනු ලැබුවහොත් ලොව වේගවත්ම ක්‍රිකට් ආකෘතියේ එක් තරග වාරයක වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගත් පන්දු යවන්නා බවට වනිදු හසරංග පත්වනු ඇත.

ඊයේ වනිඳු විසින් කඩුලු පහ දවා ගත් ආකාරය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button