Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාවට එරෙහි තීරණාත්මක තරඟයේදී බංගලදේශය සිය සැළසුම් වෙනස් කරමින් තරඟයට පිවිසීමට සැරසෙයි.!

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ මේ වන විට ආසියානු කුසලාන තරගාවලිය අති උත්කර්ෂවත් අයුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා.

මේ අතර මෙවර තරගාවලියේ ඉදිරියට යෑම සඳහා ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක තරගයක් අද රාත්‍රියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වන අතර පරාජය වන කණ්ඩායමට නැවතත් සිය රට බලා පිටත්ව යාමට සිදු වනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි අද තරගයේදී බංගලදේශය සිය සැළසුම් වෙනස් කර ආරම්භක පිතිකරුවන් ලෙස මෙහෙදී හසන් මිරාස් සහ සබීර් රහමාන්ව යෙදවීමට ඉඩ ඇති බව බංගලදේශ ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන බව The DailyStar පිටුව වාර්ථා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7