Cricket NewsEXCLUSIVEIPL

මුහුණ දුන් අවසන් පන්දු 7ට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහරක් එල්ල කරමින් Rinku Singh නොසිතූ ජයක් කරා KKR රැගෙන යයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වුවා.

මේ අතර අද තරගාවලියේ 13වන තරගය ලෙස Gujarat Titans කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 3ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Gujarat Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 204ක් රැස් කිරීමට සමත් වුණා.

Gujarat Titans වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Vijay Shankar පන්දු 24කදී ලකුණු 63ක් වාර්තා කිරීමට සමත් වුනා. Sai Sudharsan ලකුණු 53ක් රැස් කළ අතර Shubman Gill ලකුණු 39ක් රැස්කිරීමට සමත්වුණා.

ඒ අනුව ලකුණු 205ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 207ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Venkatesh Iyer පන්දු 40ක් තුල වෙගවත් ලකුණු 83ක් රැස් කල අතර තරඟයේ තීරණාත්මක පිතිකරණය අවසන් පන්දුවාරයේ දියත් කළ Rinku Singh පන්දු 21ක් තුල ලකුණු 48ක් රැස් කළා.

මෙහිදී තරඟය ජයග්‍රහණය කිරීම සඳහා අවසන් පන්දු 8 තුල ලකුණු 39ක දැවැන්ත ඉලක්කයක් Kolkata Knight Riders කණ්ඩායමට හිමි වූ අතර එයින් පන්දු 8කට මුහුණ දුන් Rinku Singh දැවැන්ත හයේ පහර 6ක් සහ එක් හතරේ පහරක් මගින් Kolkata Knight Riders කණ්ඩායම නොසිතු ජයග්‍රහණයක් කරා රැගෙන ගියේ සියලු පන්දු රකින්නන් තරඟය නරඹන ප්‍රේක්ෂකයන් බවට පත් කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7