Cricket NewsEXCLUSIVEIPL

IPL හි වැඩිම කඩුලු ලාභියා වන වනිදු හසරංග සිය නව කඩුලු සැමරීමේ රහස හෙළි කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි.

මේ අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මේ දිනවල ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ ද වැඩි අවදානයට ලක්ව තිබෙනවා. ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු මේ වන විට දක්වමින් සිටින දක්ෂතා හේතුවෙන්.

මේ වන විට වනිදු හසරංග මෙතෙක් IPL තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙසද පෙරමුණේ සිටිනවා.ඒ ප්‍රතිවාදී කඩුලු 5ක් බිද හෙළමිනි.

මෙවර තරගාවලියේ දී ඔහු විසින් කඩුලු සැමරුම් සිදු කිරීම නව ආකාරයකින් සිදු කරනු දක්නට ලැබුණා.

ඊට හේතුව වනිදු විසින් පසුගියදා KKR සමග පැවැති තරගයෙන් පසුව තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථාවේ දී අනාවරණය කළා.

“මගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා නෙයිමාර්. මම කරන සැමරුම ඔහුගේ සැමරුමක්. මම ක්‍රීඩා කරන්න ගියාම කිසිම පීඩනයක් ගන්නේ නැහැ. ඒක නිසයි මම සාර්ථක වෙන්නේ කියලයි මට හිතෙන්නේ “ යනුවෙන් හසරංග සදහන් කළා.

එම වීඩියෝ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7