Cricket NewsEXCLUSIVEUnder-19

2021 වසරේ වැඩිම ජයග්‍රහණයන් හිමි කරගත් යොවුන් කණ්ඩායම බවට ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායම පත් වෙයි.!

2021 වසර සාර්ථකව නිමා කරන්නට දුනිත් වෙල්ලාලගේ ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකියාව ලැබුනා.

ඒ මෙම වසරේ වැඩිම ජයග්‍රහණයක් සංඛ්‍යාවක් වාර්තා කරන ලද යොවුන් කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම පත් වෙමිනි.

සත්කාරකත්වය ලබා දෙමින් බංගලදේශය සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවති තරගාවලිය ද්විත්වයම ජයග්‍රහණය කිරීමටද ශ්‍රී ලංකා යෞවනයන් සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසර වලට සාපේක්ශව මේ වසරේදී යොවුන් එක්දින තරඟ වැඩි ප්‍රමාණයක් සංවිධානය කර තිබුණි.

මේ වසරේදී වැඩිම එක්දින තරඟ සංඛ්‍යාවක් ජයග්‍රහණය කල යොවුන් කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම පත් වූ අතර ඒ 2021 වසරේදී සහභාගි වූ තරග 10න් 8ක්ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීමත් සමගයි.

දත්ත වාර්තාවන්ට අනුව මෙම සටහනේ දෙවන ස්ථානය එංගලන්ත කණ්ඩායමට හිමිව ඇති අතර ඔවුන් මෙම වසරේ දී ජයග්‍රහණය කර ඇති තරඟ සංඛ්‍යාව තරඟ 6ක්.

එමෙන්ම මෙම සටහනේ තෙවන ස්ථානය බංගලදේශ කණ්ඩායමට හිමිව තිබෙන අතර ඔවුන් මෙම වසරේදී තරග 3ක් ජයග්‍රහණය කර තිබෙනවා.

තවත් කෙටි කාලයකින් ආරම්භ වීමට නියමිතව ඇති ආසියානු යොවුන් කුසලානය වෙනුවෙන්ද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට සූදානම් අතර 2021 වසරේ සාර්ථකම යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button