Cricket NewsEXCLUSIVEMatch Review

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 101ක දැවැන්ත ජයග්‍රහණයක් ඉන්දියාව වාර්තා කරයි – අද ඉන්දියාව බලා පිටත්ව යාමටත් සුදානම්.!

ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකම මේ වන විටත් තහවුරු වී අවසන්. ඒ ශ්‍රී ලංකාව සහ පකිස්ථානයයි.

එමෙන්ම Super 4 ඛාණ්ඩය යටතේ ඉන්දියාවට සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පැවැත්වෙන අවසන් තරඟය ලෙස ඊයේ අද රාත්‍රියේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවති තරඟයෙන් ලකුණු 101ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

කෙසේ නමුත් මෙයින් මෙම කණ්ඩායම් දෙකෙහිම ආසියානු කුසලාන ගමන්මග අවසන් වූ අතර හෙට දිනයේදී ඔවුන් සිය මව් රටවල් බලා පිටත්වනු ඇත.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 212ක් රැස් කිරීමට සමත් වුණා.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ විරාට් කෝලි වසර 3කට පසුව ජාත්‍යන්තර ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු පන්දු 61කදී ලකුණු 122ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 6ක් සහ හතරේ පහර 12ක් ඇතුලත් වුනා.

KL Rahul ලකුණු 62ක් රැස් කළ අතර Rishabh Pant ලකුණු 20ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Fareed Ahmad කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 213ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 111ක් පමණයි

ඇෆ්ගන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Ibrahim Zadran ලකුණු 64ක් රැස් කල අතර Mujeeb Ur Rahman ලකුණු 18ක් රැස් කළා.

පන්දු යැවීමේදී Bhuvneshwar Kumar කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7